NMRA දත්ත ගැන ප‍්‍රකාශය නිසා මා අත්අඩංගුවට ගන්න හදනවා – මත්ද්‍රව්‍ය සොයා STF පිරිසක් මගේ නිවස පරීක්‍ෂා කළා

404

* තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සභාපති

 තමාගේ නිවසේ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට තොරතුරක් ලැබී ඇතැයි පවසමින් ඉකුත් (10 දා) සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් පැමිණ නිවස සෝදිසි කළ බව තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සභාපති රජීව් යසිරු කුරුවිට මහතා පවසයි.

 මෙම පිරිස පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් පුද්ගලයන් යයි පැවසූ බවත් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙලෙස සෝදිසි කිරීමට පැමිණි බව ඔවුන් පැවසූ බවත් ඒ මහතා සඳහන් කරයි.

 ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවට නිසි ආරක්‍ෂක පද්ධතියක් නැතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට තමාට නඩු පවරා ඇතැයි පැවසූ ඒ මහතා නැවත එම නඩු විභාගය මෙම මස 16 වැනිදා කැඳවීමට නියමිත බවත් ඊට පෙර තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පවසා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් කි‍්‍රයාත්මක වනවා දැයි සැකයක් පවතින බවත් රජීව් යසිරු කුරුවිටගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

 මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්¥ව මහතා පැවැසුවේ කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද පැමිණිල්ලක් මත උඩහමුල්ලේ පිහිටි රජිව් යසිරු කුරුවිට මහතාගේ නිවසට ගොස් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පසුගිය (10 දා* පරීක්‍ෂාවක් සිදුකළ බවය.

 මත්ද්‍රව්‍ය සම්බන්ධව ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අධිකරණයේ අවසරයක් අවශ්‍ය නැතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment