මාස 10 ට පාතාල ඝාතන 57 ක්

127

ගත වූ මාස 10 ක කාල සීමාවේදී සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 57 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්, පලිගැනීම් සහ පාතාල කල්ලි අතර පවතින ආරවුල් මෙම ඝාතනවලින් බහුතරයකට හේතුවී ඇති බව පොලීසිය කියා සිටියි. ඉකුත් ජනවාරි මාසයේ වෙඩි තබා ඝාතනය කිරීම් 2 ක් වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේ 10 ක්, මාර්තු මාසයේ 3 ක්, අප්‍රේල් මාසයේ 5 ක් සහ මැයි මාසයේ 5 ක් වාර්තාවී ඇත.

ජුනි මාසයේ වෙඩි තබා ඝාතනය කිරීම් 8 ක් සිදුවී ඇති අතර මැයි සහ අගෝස්තු මාසවල ඝාතන 10 බැගින් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් මාසයට ඝාතන 4 ක්ද ඔක්තෝබර් මාසයේ ඝාතන 7 ක්ද සිදු කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment