මත්ස්‍ය නිෂ්පාදනය පහළට

117

මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2023) පළමු භාගයේ දී කිලෝග්‍රෑම් මිලියන 222.1 දක්වා සියයට 2.0කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 226.5ක් පැවැති අතර එයට සාපේක්ෂව 2023 වසරේ මෙම කාලසීමාවේ දී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 2.0කින් පහත වැටී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ.

මෙරට සත්ව නිෂ්පාදන ද 2022 වර්ෂයේ පළමු භාගයට සාපේක්ෂව 2023 වර්ෂයේ පළමු භාගයේ සියයට 5.9කින් පහත වැටී ඇති බව ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment