13 ගෙඩිය පිටින් දෙන්න රනිල්ට ජනවරමක් නෑ – සාගර කාරියවසම්

228

මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර ඒ සඳහා ජනවරමක් ලබාගත යුතු බව පැවසූ මහලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥාවක් ලබා නොදුන් නිසා, ගෝඨාභය මහතාගේ පාලන කාලයේ ඉතිරි කාලය සඳහා පත්වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට මෙම අවස්ථාවේදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ජනවරමක් ලැබී නොමැති බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ නම් ඊට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් 7 දෙනකු විසින් එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළේ ඇයිද යන්න පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බවයි.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment