ධනුෂ්කට සිඩ්නි අධිකරණය අද දුන් තීන්දුව

11359


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර ඇත.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පවසා තිබේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය.

ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවද නීතීඥවරුන් පවසා ඇත.
නඩුව නැවත මෙම මස 18 වනදා යළි කැඳවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment