මැණික් ගැරූ සෙට් එකක් අධිකරණයට

426

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ඩනටා මාර්ගයේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි වතු කම්කරුවන් සිව් දෙනෙක් මස්කෙළිය, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා මස්කෙළිය පොලීසියේ නිලධාරීන් එක්ව ඉකුත් 10 දා අළුයම කරන ලද වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇත.මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උදළු, අලවංගු හා මැණික් ගරන කූඩ සැකකරුවන් සමග මෙහිදී අත් අඩංගුවට පත්ව තිබේ.සැකකරුවන් අතරින් දෙදෙනෙක් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන දිසා විනිසුරු බාර්දීපන් මහතා හමුවට 11දා ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් වරද පිළිගත් නිසා එක් අයෙකුට රුපියල් 12,500/- බැගින් රුපියල් 25,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.මෙසේ වරදකරවන් වූයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ පදිංචි සිවඥාණසුන්දරම්(42) හා බිමන් නිත්‍යනාදන් (37) යන අයවළුන්ය.අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරි බවත්, ඔවුන් මෙම මස 17වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණුවීමට නියමිත බවත් මස්කෙළිය පොලීසිය පවසයි.මස්කෙළිය, රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණ තොරතුරක් අනුව මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ඩී.එම්.එන්. කැළුම් හා උප පොලිස් පරීක්ෂක රත්නායක යන මහත්වරුන් සමග එම බලකායේ පොලිස් සැරයන්වරුන් වන කරුණාතිලක(40360), කුමාර (3288), පොලිස් කොස්තාපල්වරුන් වන නිලන්ත(9036), තාරක (92128), කල්මාල් (94214), මධුෂංක (94609), මස්කෙළිය පොලීසියේ පොලිස් කොස්තාපල් වරුන් වන සුසිල් (48115), ප්‍රවිදාස් (102851) හා පොලිස් රියදුරු සුසන්ත(79227) යන නිලධාරිහූ මෙම වැටලීමට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment