සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ලොක්කන් දෙන්නෙක්ට නඩු

340


රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර සේනානායක ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් යන අයටකොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ එම චෝදනා පත්‍ර භාරදීම අද සිදු කෙරුණි.
2014 වසරේ මාර්තු මස 01 වනදා සහ එම වසරේ ඔක්තෝබර් මස 14 වනදා දක්වා කාලසීමාව තුළ පැවැති බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට සහාය පළ කරමින් ,රාජ්‍ය සේවකයින් අපේ ශක්තියයි, යනුවෙන් එම වසරේ මාර්තු මස 13 වනදා සියලු පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රුපියල් 4,295,480 ක මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ

චෝදනා පත්‍ර භාරදීම අනතුරුව ඔවුන් දෙදෙනාව ඇපමත මුදාහරින ලෙසද කොළඹ මහාධිකරණය නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.

අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ බැඳුම්කරයක් මත අද දින මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment