වෘත්තිකයින් රට හැර යාම ගැන පාර්ලිමේන්තු විවාදයක්

156

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 03දා සිට 06දා දක්වා රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

2023 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) , මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් මස 04 වැනි බදාදා රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක් ද අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති(විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ) ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත විවාදය පැවැත්වේ.

05 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත :,සිවිල් ගුවන් සේවා පනත් කෙටුම්පත ,සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සහ නැව් නියෝජිතයන්ටල නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.
06 වැනි සිකුරාදා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව බවද මහලේකම්වරිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment