උසාවියට අපහාස කළැයි පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසකට චෝදනා

271


ලබන නොවැම්බර් මස 16 වැනිදා පෞද්ගලිකව අධිකරණයේ පෙනීසිටින ලෙස පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
එසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට වැටුප් ගෙවන ලෙස දෙන ලද අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහාය.
ඒ අනුව පොලිස්පතිවරයා සහ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ඩී. කේ. ඒ සනත් කුමාර, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එන්. මෙන්ඩිස්, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ. එස් වීරසේකර, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන මහත්වරුන්ට මෙලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment