අපි 8 දා එනවා – වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව

178

සියලුම සේවකයන්ට උද්ධමන දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව ලබන 8 වැනිදා විරෝධතා දිනයක් පවත්වයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන් මෙයට එක්වන බවත්, ඔවුන්ගේ ආයතන ඉදිරිපිට දී එදින විරෝධතා පවත්වන බවත්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මහජන දේපොළ විකුණන, අර්බුද බර ජනතාවට පටවන අයි.එම්.එෆ්. යෝජනාවට එරෙහි වෙමු යන්න මෙහි තවත් තේමාවක් බව හෙතෙම කීවේය.

ටෙලිකොම්, රක්‍ෂණ, මුද්‍රණ දෙපාර්තමේන්තුව, තැපෑල, රෝහල් කාර්ය මණ්ඩල, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාර, බැංකු, දුම්රිය හා වතු ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මීට එක්වන බව ද ඔහු පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment