2023 පළමු භාගයේ අස්ථාවරත්වය හමුවේ කොමර්ෂල් බැංකු සමූහය ස්ථාවරව ඉදිරියට

119
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා.

බැංකු ක්ෂේත්‍රයට සැළකිය යුතු ලෙස අස්ථාවර කාලපරිච්ඡේදයක් වූ 2023 පළමු අර්ධය තුළ කොමර්ෂල් බැංකු සමූහය සිය දළ ආදායම 40.29% කින් රුපියල් බිලියන 167.668 දක්වා වර්ධනය කර ඇති අතර, එයට 71.15% කින් රුපියල් බිලියන 150.812 දක්වා වර්ධනය වූ පොලී ආදායම ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහයෙහි ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 14.377 දක්වා 22.27%කින් ද, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 10.591 දක්වා 19.30% කින් ද, ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 17.086 දක්වා 236.42% කින් ද, වර්ධනය වී ඇත. 2022 පළමු භාගයේ සමූහයේ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 12.524 ක අලාභයක් විය.

කෙසේ වෙතත්, මාස හය සඳහා පොලී වියදම් රුපියල් බිලියන 65.958 කින් නැතහොත් 139.14% කින් රුපියල් බිලියන 113.362 දක්වා ඉහළ යාමත් සමඟ සමූහයේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 37.450 දක්වා 8.01%කින් අඩු විය.

advertistmentadvertistment
advertistmentadvertistment