මේඩ් ඉන් ශ්‍රී ලංකා අත් බෝම්බයක්

750

රාගම පෙදසේ අතුරු මාර්ගයක සිටි පුද්ගලයෙකු ඔහුගේ ගමන් මල්ලේ තිබු මෙරට නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සමග ඊයේ (26) දින අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.අත් බෝම්බය සමග අත්අඩංගුවට ගත් සැකකරු කොටුගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වු 38 වියේ පසුවන පුද්ගලයෙකු බව පොලිසිය කියයි.රාගම සිරිවර්ධන මාවතේ සැකසහිත ලෙස හැසුරුණ සැකකරු නගරයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෑක පලායෑමට උත්සහ දරා අති අතර සැකකරු අල්ලා ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ කරේ දමා ගෙන තිබු ගමන් බෑගය තුල තිබී මෙම අත්බෝම්බය හමුවු බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment