අනුරපුර රාජ්‍ය බැංකුව කඩන්න ගිය හොරුන්ට වැඩේ ගැස්සිලා

477

අනුරාධපුර නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේප්පු කපා දමා එහි මුදල් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු හෝ පිරිසක් එම බැංකුවේ නළා සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම කොල්ලකෑම අතහැර දමා පලාගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

අනුරපුර රාජ්‍ය බැංකුව කඩන්න ගිය හොරුන්ට වැඩේ ගැස්සිලා

ඊයේ (24 දා) අලුයම අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති එම රාජ්‍ය බැංකුවේ වහළයේ කොටසක් ගලවා බැංකු පරිශ්‍රය තුළට ඇතුළු වී ඇති කොල්ලකරුවකු හෝ පිරිස එහි සේප්පුව බිඳ මුදල් සොරකම් කිරීමට දැරූ උත්සාහය මෙලෙස අසාර්ථක වී තිබූ බව පොලිසිය කියයි.

එක් පුද්ගලයකු හෝ කීපදෙනකු බැංකු ගොඩනැගිල්ලේ වහළය මතින් කඹයක් ආධාරයෙන් බිමට බැස, ග්‍රයින්ඩරයක් හා මීටියක් ආධාරයෙන් එහි එක් සේප්පුවක් බිඳ දැමූ අවස්ථාවේදී එම බැංකුවේ සංඥා පද්ධතිය එක්වරම ක්‍රියාත්මක වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම මංකොල්ලකරුවන් විසින් අගුලු කපා තිබූ එම සේප්පුව තුළ මුදල් තැන්පත් කර නොතිබූ බවද අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඊයේ (24 දා) අලුයම් කාලයේදී බැංකුවේ නළා සංඥා පද්ධතිය එක දිගට නාදවීම හේතුවෙන් ඇහැරී බලන විට බැංකුව පිටුපසින් බෑගයක් පිට එල්ලා ගත් මිනිසෙකු දිව යන ආකාරය තමන් දුටු බව බැංකුව පිටුපස පදිංචි කාන්තාවක් සිදු කළ ප්‍රකාශයක සටහන්ව ඇති බව පොලිසිය මෙහිදී සඳහන් කළේය. මෙම රාජ්‍ය බැංකුව මෑත කාලය තුළ සොරුන් විසින් කීපවතාවක්ම බිඳ දැමූ බව මෙහිදී පොලිස් නිලධාරියෙකු පැවසීය. බැංකුව බිඳ මුදල් මංකොල්ලකෑමට පැමිණි පුද්ගලයකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරති.
අනුරාධුපර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment