පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න මට බැහැ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

100

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට තමාට කළ නොහැකි බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට කීවේය.

මෙය ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බවත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන පුද්ගලයා තමන් විසින් නම් කළහොත් ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින සෙසු අය තමා සමඟ අමනාපවීමට ඉඩ තිබෙන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම සුදුස්සා තේරීම කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව යැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment