පොලිසියට, ගුවන් හමුදාවට රග්බි ජයග්‍රහණ

66

ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ලීග් රග්බී පාපන්දු තරගාවලියේ “පළඟ” ශූරතාව දිනා ගැනීමේ අරමුණු ඇතිව ඉකුත් සිකුරාදා (03) පිටියට අවතීර්ණ වෙමින් ජයග්‍රහණ සටහන් කර ගැනීමට පොලිසිය සහ ගුවන් හමුදාව සමත් විය.

පොලිසිය, සී. එච් ඇන්ඩ් එෆ්. සී, ගුවන් හමුදාව සහ යුද හමුදාව අතරේ මෙවර “පළඟ” ශූරතා තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

සී. එච් ඇන්ඩ් එෆ්. සී. පිලට එරෙහිව ලකුණු 15 ක ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට පොලිසිය සමත් වන අතර වාරයේ ගුවන් හමුදාව ඉදිරියේ නාවික හමුදාව ලකුණු 11 කින් පරාජය ලැබීය.

පොලිස් 41 – සී. එච්. 26

පැරණි තුරඟ තරග පිටියේදී පැවති මෙම තරගයේ දී “පොලිස්” ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු යොමාල් සාරංග, ප්‍රමේෂ් ධනුෂ්ක, නිසල් සමාධි, මොහොමඩ් ෆවුමි, ජනිත් චානක සහ ආකාෂ් මධුශංක උත්සාහක දිනුම බැගින් වාර්තා කර ගත් අතර එහි ප්‍රවර්තන 04 ක් සහ එක් දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව එල්ල කිරීමට යොහාන් පීරිස්ට හැකි විය. පරාජිත “සී.එච්” පිල වෙනුවෙන් කැපී පෙනුණු ප්‍රසාද් මධුශංක, ෂෙහාන් සිල්වා සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම බැගින් සටහන් කළ අතර එහි ප්‍රවර්තන ත්‍රිත්වයම නිවැරදි එල්ලයට යොමු කිරීමට හිරූෂ සම්පත් ට හැකි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment