ආහාර සුරක්‍ෂිතතාවට අත්වැලක් – කළමනාකරණ මූලධර්ම සහ  සැපයුම්දාම  කළමනාකරණය

202

 කර්තෘ – ජයන්ත විජේසිංහ
 කර්තෘ ප්‍රකාශනයකි.

 කළමනාකරණ හා සැපයුම්දාම කළමනාකරණයේ වෘත්තීය විශේෂඥයෙක් මෙන්ම විෂය පිළිබඳ ප්‍රාමාජිකයෙක් වන ජයන්ත විජේසිංහ විසින් රචිත ‘කළමනාකරණ මූලධර්ම සහ සැපයුම්දාම කළමනාකරණය’ යන මෙම කෘතිය මෑත කාලයේ සිංහල භාෂාවෙන් පළවන ප්‍රමුඛතම කෘතිය බව මාගේ අදහසයි. ඔහු ඉතා සරල ලෙස න්‍යායික හා පරිචය පිළිබඳ දැනුමදීමට ගත් උත්සාහය ප්‍රශංසනීයය. සැපයුම්දාම කළමනාකරණය පිළිබඳව පාඨකයාට අවබෝධයක් ලබාදීමට පෙර මූලික කළමනාකරණ මූලධර්ම හා ඒ ආශ්‍රිත මූලික සංකල්ප පිළිබඳ ප්‍රාමානික අවබෝධයක් ලබාදීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇත. එමගින් කළමනාකරණය විෂයයක් ලෙස කලින් අධ්‍යයනය නොකළ කෙනෙකුට වුවත් සැලකිය යුතු දැනුමක් ලබාගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එමෙන්ම තොග කළමනාකරණය, ගබඩා කළමනාකරණය, මිලදී ගැනුම් කළමනාකරණය හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ගැඹුරු දැනුමක් සැපයුම්දාම කළමනාකරණය ලෙස අපූරුවට සංකලනය කර ගොනු කිරීමට මෙමගින් කතුවරයා සමත්ව ඇත. කතුවරයා තමා සතු න්‍යායික දැනුම ප්‍රායෝගික අත්දැකීම් තමාටම අනන්‍ය භාෂා විලාසයකින් ගෙනහැර පෑමද විශිෂ්ටය.

ආහාර සුරක්‍ෂිතතාවට අත්වැලක් - කළමනාකරණ මූලධර්ම සහ  සැපයුම්දාම  කළමනාකරණය

වෘත්තීය ආයතනවල මෙන්ම විශ්වවිiාලවල සැපයුම්දාම කළමනාකරණය විෂයයක් ලෙස හදාරන සිසුන්ට බෙහෙවින්ම මෙම කෘතිය අත්පොතක් ලෙස වැදගත් වනු ඇතැයි මා සිතමි.

 මෙම කෘතිය පිළිබඳව බෙලිහුල්ඔය විශ්වවිiාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක එසේ සඳහන් කරයි. මෙම ග්‍රන්ථය ලියූ කතුවර ජයන්ත විජේසිංහ තම කෘතිය පිළිබඳ මෙලෙස සටහන් කර ඇත්තේ එහි පෙරවදනට එක්වෙමිනි. සැපයුම්දාමයේ අරටුව වන මානව සම්පත වඩාත් සවිමත් කළ හැකි ආදරණීය පණිවුඩයක් ද සමඟ මා ඔබට ඉදිරිපත් කරන ‘කළමනාකරණ මූලධර්ම සහ සැපයුම්දාම කළමනාකරණය’ නම් ග්‍රන්ථය තුළින් ඔබගේ හදවතට දැනෙන්නට යමක් ලියා තබන්නට මම උත්සාහ කළෙමි. සැපයුම්දාම කළමනාකරණ විෂය හා බද්ධ වූ කළමනාකරණය, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව අත්දැකීම් සහ ජීවමාන නිදර්ශණ ද සහිතව ඔබේ බුද්ධියට සේම ඔබේ හදවතට ද යළිත් වතාවක් ආමන්ත්‍රණය කිරීම මගේ අභිලාෂයයි.

 තවද ගබඩා කළමනාකරණයේ ශුද්ධ වූ නීතියක් වන මුලින් ආ තොගය මුලින් නිකුත් කිරීම (Fi – Fo) සේම සෑම විටම  ගබඩාවේ වූ තොගය නිකුත් කෙරෙන තෙක් ආරක්‍ෂිතව හා සුරක්‍ෂිතව තබාගැනීම ඈත අතීතයේ සිටම නිවැරදිව භාවිතා කළ ප්‍රඥා සම්පන්න හෙළ ගොවි රජවරුනට ද උපහාර පිණිස, මෙම ග්‍රන්ථයේ මුල් පිටුව වී බිස්සේ රුවකින් සැරසූ බව ද මතක් කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment