පෙරහුරුවේදී පැරෂූට් පැටලී 3ක් රෝහලේ

157

ජාතික නිදහස් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතුවල නිරතවෙමින් සිටි පැරෂුට් භටයන් තිදෙනකු අඩි 8000ක් උසින් බිමට පැනීමේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා ඊයේ (30 දා) උදේ රෝහල්ගත කර ඇත.

මෙම අනතුරින් ගුවන් හමුදා භටයන් දෙදෙනකු සහ එක් යුද හමුදා භටයකු තුවාල ලැබූ අතර ඔවූහු යුද හමුදා රෝහලේ සහ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

පෙරහුරුවේදී පැරෂූට් පැටලී 3ක් රෝහලේ

සුළඟේ දිශාව වෙනස්වීම නිසා මෙම පැරෂුට් සෙබළුන්ගේ පැරෂුට් එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව ද උදේනි රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

74 වැනි ජාතික නිදහස් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු ඊයේ උදෑසන ආරම්භ වූ අතර ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම් සිය පුහුණුවීම් කටයුතු ක්‍රියාත්මක කර තිබිණි.

ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම අඩි 8000ක් උඩදී මෙම පිම්මට එක්වූ අතර ඒ අවස්ථාවේ සුළඟේ වේගය සහ දිශාව වෙනස්වීම නිසා පැරෂුට් සෙබළු දැඩි අපහසුතාවට පත් වූහ.

පෙරහුරුවේදී පැරෂූට් පැටලී 3ක් රෝහලේ

එහිදී සෙබළුන් තිදෙනකුගේ පැරෂුට් එකිනෙක පැටලී ගිය අතර ඉන් දෙදෙනකු ගාලුමුවදොර පිහිටි සංචාරක හෝටලයක වහලය මතට වැටී ඇත.

අනෙක් පැරෂුට් සෙබළා ගාලුමුවදොර පිටියට ඇදවැටුණු අතර බරපතළ තත්ත්වයේ පසුවන්නේ එම සෙබළා බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත
හේමන්ත රන්දුණු සහ නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment