ආන්දෝලනාත්මක – මල්වානේ හිමි අහිමි බංගලාවට ඇමැති රිංගයි

1257

ජාත්‍යන්තර විනිසුරු පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයකට අපි එදා යෝජනා කළා
ඵලක් ඇති දෙයකට ඉක්මනින් යොදා ගන්නවා
අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ කියයි

මල්වානේ පිහිටි හිමිකරුවකු නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක පමණ ඉඩම පිළිබඳව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එය යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ හිමිකරුවකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්න්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට සහ එම නිවස පිහිටි ස්ථානය නිරීක්‍ෂණය කිරීමට ඊයේ (21 දා) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීය. එහිදී අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වූ විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලුදෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සඳහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීම සඳහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදුවූ ආණ්ඩු මාරුවත් සමග එය සිදු වූයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැඟිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්ත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබූ ගොඩනැඟිලි පවා ගිනිතබා විනාශ කළා යැයි ඇමැතිවරයා පැවසීය.

බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී, එම්. විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment