මැණික් හොරෙන් රට පන්නන්න දෙයක් නෑ 0.25%ක් ගෙවා අරන් යන්න – රේගුව කියයි

184

මැණික් ගල් විදෙස් රටවලට හොරෙන් රැගෙන යෑමට අවශ්‍ය නොවන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට වටිනාකමින් සියයට දශම දෙකයි පහක (0.25%) මුදලක් ගෙවා ඕනෑම වටිනාකමකින් යුත් මැණික් ප්‍රමාණයක් නීත්‍යානුකූලව රටින් පිටව රැගෙන යා හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවැසීය.

රුපියල් කෝටි 29කට අධික මැණික් ගල් තොගයක් සමඟ චෙන්නායි බලා යෑමට පැමිණි 30 හැවිරිදි ඔරුගොඩවත්තේ පදිංචි කාන්තාව පෙරේදා (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, ඇයගෙන් අවශ්‍ය වෙලාවට බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කරගත හැකි බවත් ඒ මහතා කීය.

ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ පරස්පර අදහස් ප්‍රකාශ කළ නිසා රේගුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් එම විමර්ශන අවසන් කර මැණික් ගල් තොගය රාජසන්තක කරනු ලැබුවහොත් එම ගල්තොගය අලෙවි කිරීමේ බලය රේගුවට පවතින බවත් ඒ මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment