පාර්ලිමේන්තු අවසරය නැතිව රාජ්‍ය දේපළ විදේශයන්ට පැවරීම තහනම්

141

පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව රජයේ ව්‍යාපර ඉඩම් හා ආයතනයන් මින්මතු විදේශයකට ලබාදීම තහනම් වන නව නීතියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව වරාය, ගුවන්තොටුපළ හෝ ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධව ස්ථාන පැවරීම සහ බදු දීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුය.

එසේම ආරක්‍ෂක හමුදාවටද පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ක්‍රියාමාර්ග ගැනීමට තහනම් වේ. මෙම නව සංශෝධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment