සුරූපිනියන් ගැන කල්පනාවෙන්

595

මග තොටදී වඩාත් ඇලුම්පාන සුරූපී තරුණියන් පිළිබඳව කල්පනාකාරි වෙන ලෙස පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ගණිකා වෘත්තිය පසුගිය කාලයට වඩා මෙම වකවානුව තුළදී වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඒ අනුව විවිධ ආකාරයෙන් ඔවුන් පුද්ගලයන් තම වසඟයට ගැනීමට උත්සාහ ගන්නා බවද එම කාර්යාංශය සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ කාන්තාවන් සහ තරුණියන් මෙලෙස ගණිකා වෘත්තියට යොමු වී ඇති බව අනාවරණය වී ඇතැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින ඉරිදා සංගහය”ට පැවසීය. මේ අනුව බස් රියේ, දුම්රියේ හෝ විවිධ ස්ථානවල මෙම ගණිකාවන් විවිධ ආකාරයට ගැවසෙන බවද පොලිසිය කියයි. මීට අමතරව සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ඇතැම් පුද්ගලයන් ගණිකා වෘත්තිය සඳහා විවිධ ප්‍රදේශවලින් තරුණියන් රැගෙනවිත් යොදාගෙන තිබීම මේ වනවිට ඉහළ යෑමක් දක්නට ලැබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment