බහු විවාහයට එරෙහිව ඉන්දීය මුස්ලිම් කත අධිකරණයට යයි

627

28 හැවිරිදි ඉන්දීය මුස්ලිම් කාන්තාවක් තම ලිඛිත අවසරයකින් තොරව තම ස්වාමිපුරුෂයා වෙනත් බිරිඳක් විවාහ කර ගැනීම නීති විරෝධී බව පවසමින් එරට අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිසා ඉන්දියානු මුස්ලිම්වරුන් අතර බහු විවාහය පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇත.

එක් නමක් පමණක් භාවිතා කරන රේෂ්මාට අවශ්‍ය වන්නේ දිල්ලි මහාධිකරණය විසින් ද්විභාර්යා හෝ බහු විවාහයේ “ප්‍රතිගාමී පුරුද්ද” නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස රජයට නියෝග කරන ලෙසයි. අධිකරණ ලේඛනවලට අනුව, ඇය 2019 ජනවාරි මාසයේදී ෂොයිබ් ඛාන් සමඟ විවාහ වූ අතර ගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම යුවළට දරුවෙකු ලැබුණි. රෙෂ්මා තම ස්වාමිපුරුෂයාට ගෘහස්ථ හිංසනය, කෲරත්වය, හිරිහැර කිරීම් සහ දෑවැද්ද ඉල්ලීම් ගැන චෝදනා කරයි. ඔහු ඇයට එරෙහිව ද එවැනිම චෝදනා එල්ල කර ඇත. ඔහුගේ ක්‍රියාව “ව්‍යවස්ථා විරෝධී, ෂරියා විරෝධී, නීති විරෝධී, අත්තනෝමතික, රළු, අමානුෂික සහ ම්ලේච්ඡ” ලෙස විස්තර කරන ඇය, “මුස්ලිම් කාන්තාවන්ගේ දුක්ඛිත තත්ත්වය මැඬපැවැත්වීම සඳහා මෙම පුරුද්ද නියාමනය කළ යුතු” බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment