වෙළඳ ගැටලු ගැන ඉන්දියාව සහ ඇමෙරිකාව විසඳුම් සොයයි

83


ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය දිගුකාලීන ද්විපාර්ශ්වික විසඳුමක් අපේක්ෂා කරන බව ඉන්දීය වෙළෙඳ හා කර්මාන්ත ඇමැති පියුෂ් ගොයාල් මහතා පවසයි.ඇමෙරිකාවේදී පැවැති 13 වැනි ඉන්දු ඇමෙරිකා වෙළෙඳ සමුළුවෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බැව් පැවසීය.මෙම අවස්ථාවට ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිත තානාපති කැතරීන් තායි ද එක් විය.ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් නිසා දෙරටටම ඇතැම් අවස්ථාවලදී පාඩු සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.එබැවින් ඉදිරි මාස කිහිපයේ මේ සම්බන්ධව දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම මගින් ඊට විසඳුමක් ලබාගතහැකි බවද කීවේය.ඒ සම්බන්ධව ඉතා මිත්‍රශීලී සාකච්ඡා පැවැත්විය හැකි බවට තමාට විශ්වාස යැයිද සඳහන් කළේය.දෙරට අතර මේ දක්වා ඉතා සුහද වෙළෙඳ සබඳතා පවත්වාගෙන යන බවත් රාජ්‍ය නායක මට්ටමින්ද ඒ සඳහා සහාය හිමිව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment