ඇෆ්ගනිස්ථානයෙන් එන්න බෑ කියන ශ‍්‍රී ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශන

315

ශ‍්‍රී ලාංකිකයන් විසි දෙනකු ඇෆ්ගනිස්ථානයෙන් පැමිණීම ප‍්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිරිස ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය ගුවන් යානා වෙන්කර තිබුණද ඔවුන් කාබුල් නුවරින් පිටවීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මේ වනවිට කාබුල් නුවර රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 60 දෙනකු යළි දිවයිනට පැමිණ ඇති අතර ඉතිරි 20 දෙනා අතුරුදන්වී ඇත.

අතුරුදන්වූ ශ‍්‍රී ලාංකිකයන් සහ තලේබාන් සංවිධානය අතර සම්බන්ධයක් තිබේදැයි බුද්ධි අංශ විමර්ශන අරඹා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment