19 සහ 20 රෝහල් වර්ජන

79

ලබන 19 සහ 20 (අඟහරුවාදා සහ බදාදා) දෙදින දිවයිනේ සියලු රජයේ රෝහල්වල යළි වැඩ වර්ජන ඇරැඹීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම්ලත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව (ඩැට්) තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ ලිපියට අදාළව සකස් වූ තාක්ෂණික වාර්තාවට මුදල් අමාශ්‍යාංශය අනුමැතිය ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියා මාර්ගයට පිවිසීමට තීරණය කළ බව එහි සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට‘ පැවැසීය.

මාර්තු මස 05 දින මුදල් අමාත්‍යාංශයට අදාළ තාක්ෂණික වාර්තාව යොමුකර ඇතත් එයට මේ දක්වා සාධනීය පිළිතුරක් ලබාදීමට ක්‍රියාකර නොමැති බැවින් සිය සන්ධානයට අනුබද්ධිත වෘත්තීය සමිති 72ක සාමාජිකයින් ලක්ෂයකට අධික සෞඛ්‍ය සේවක පිරිසක් මෙම වර්ජන ක්‍රියා මාර්ගයන්හි නියැළෙන බවත්, එහිදී රෝගී ජනතාවට ඇති වන පීඩාවන්ට බලධාරීන් වගකිව යුතු බවත්, ඒ මහතා සඳහන් කළේය.

සුජීව තස්සර

advertistmentadvertistment
advertistmentadvertistment