චන්ද්‍රිකාගේ වචනය නෑ – සන්ධානය වැට උඩ

156

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙතෙක් කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අර්බුදයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානය ගොඩනැඟීම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ පහක් පමණ කැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණෙන් පුටුව ලකුණින් නව සන්ධානය ගොඩනැඟීම සඳහා එම පක්ෂ ව්‍යවස්ථාව, බලතල සහ නායකත්ව මණ්ඩලයක් පත්කිරීමටද සන්ධානයේ පක්ෂ වල ඉල්ලීම මත සිදු කළ යුතු බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මුලදී නව සන්ධානයේ නායකත්වයට හිටපු ජනාධිපතිනිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණද මේ වනවිට ඒ පිළිබඳව ස්ථිර වචනයක් ලබාදී නොමැති බවද නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment