රුහුණු – මායා මැදි මහ පළමු ක්‍රිකට් ගැටුම හෙට

85

හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල හා හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ජාතික පාසල අතර පළමුවරට පැවැත්වෙන රුහුණු – මායා මැදි මහ ක්‍රිකට් ගැටුම හෙට සහ අනිද්දා (21 හා 22 )යන දෙදින තුළ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හේනේගම කණ්ඩායම මන්දීප නිම්සර මෙහෙයවන අතර හික්කඩුව කණ්ඩායම කවිදු තීක්ෂණ මෙහෙයවයි.

බප/ ගම්/ හේනේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල් කණ්ඩායමේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස වසන්ත රණවීර, ප්‍රධාන පුහුණුකරු ලෙස සාලින්ද දේශප්‍රිය හා සහය පුහුණුකරු ලෙස කසුන් සඳරුවන් යන මහත්වරු කටයුතු කරති.

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා ජාතික පාසලේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස කැලුම් ප්‍රියදර්ශන, සභාපති ලෙස දිනේෂ් රාහුබද්ද, ප්‍රධාන පුහුණුකරු ලෙස ලක්මාල් දිසානායක හා සහය පුහුණුකරු ලෙස කාවින්ද්‍යා කොඩිතුවක්කු යන මහත්වරුන් කටයුතු කරනු ලැබේ.

හේනේගම කණ්ඩායම – නායක – මන්දීප නිම්සර, උප නායක කුසල් ජයසංක, ඉසිර රොමේෂ්, කසුන් මධුභාෂණ, තමිදු ප්‍රමෝද්, කවිෂ රශ්මික, ශානුක නිපුන්, දැහැම් නිර්මාල්, පසිදු තීක්ෂණ, මිතිල විශ්වජිත්, කවිදු ඉෂාර, දිමුතු දේශාන්, අනුෂ ප්‍රගීත්, දෙසිදු දිසානායක, සරිදු ගිම්හාන් හා කුසල් ජයසංඛ

හික්කඩුව කණ්ඩායම – නායක – කවිදු තීක්ෂණ, උප නායක රසංග තේජාන්, ප්‍රවීන් නෙත්මිණ, ලකිත් නෙමින්ද, ශානුක දෙනුවන්, විනෝද් ධනුෂ්ක, චමන්ත කවිෂාන්, සෙනුක ලක්ෂාන්, පමෝද් හිම්සර, කෞෂල්‍ය සාරාංග, සොහාන් ඉසිවර, දෙනෙත් සුපුන්, ෂෙහාන් චාමික, කවීෂ සඳරුවන්, රන්සර දේශාන්, විහඟ නිම්සර හා ලකිදු යෂාස්වී.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment