මහ බැංකු ඇස ‘වගා ආයෝජන’ දෙස

129

මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ‘වගා ආයෝජන’ සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදුකරන ප්‍රවර්ධන කටයුතු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ ඇතැම් සමාගම් තම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නාමය ද යොදා ගන්නා බවට මහ බැංකුවට පැමිණිලි ලැබී ඇත.

එවැනි ආයතන විසින් තැන්පතු භාර ගැනීම ගැන සහ මහජනයාට වැරදි තොරතුරු සපයා ඔවුන් රැවටීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වේ.

මෙවැනි ‘වගා ආයෝජන’ ප්‍රවර්ධනය කරන එක් සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විගණනය කරන බවට ද සඳහන් කරන බවත් එහෙත් එය අසත්‍යයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment