බදු බරට විසඳුමක් නැත්නම් ඉදිරි සතියේ දැඩි ක්‍රියාමාර්ග – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

136

රෝහල් තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය සහ බදු වැඩි කිරීම යන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේනම් ඉදිරි සතියේ දී වෘත්තීය සමිති හා ජනතාව සමග එකතුව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 වැනිදා) පැවසී ය.

කළු සතිය ඊයේ අවසන් කළ ද මෙම ගැටලු සම්බන්ධයෙන් මහජන පෙත්සමට අත්සන් ලබාගැනීම දිගට ම සිදුකරගෙන යන බවත් හෙතෙම කීය.

මීට අමතරව වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාකච්ඡාවක් ලබන සඳුදා (29දා) උදේ පැවැත්වෙන අතර එහ ිදී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද ඒ මහතා කියා සිටියේය.

රෝහල්වල පවතින ඖෂධ හිඟය උග්‍ර අතට හැරී ඇති බවටත් බදු බර වැඩිවීම මත ජනතාව අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් හෙතෙම කීය.

මේ ගැන රජයට බිඳකුදු හෝ හැඟීමක් නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment