පරණ ගැසට්ටුව අත්හිටුවයි බිත්තර උපරිම මිල අද උසාවියට

106

බිත්තර අලෙවි කිරීම සඳහා ඊයේ (14 දා) දිනය ඇතුළත උපරිම මිලක් නියම කරනා ලෙසට අභියාචානාධිකරණය පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළේය.

එකී මිල ගණන් අද (15 දා) දිනයේදී තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද පාරිභෝගික සේවා අධිකාරියට වැඩිදුරටත් නියෝග කළ ප්‍රසන්න ද සිල්වා හා ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල, බිත්තර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

සුදු බිත්තර රුපියල් 43කට හා රතු බිත්තර රුපියල් 45කට අලෙවි කළ යුතු බවට මිල නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (14 දා) අභියාචනාධිකරණය හමුවේ කැඳවිණි. එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් පෙත්සම්කරු ඇතුළු රට පුරා විසිරී සිටින බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් නියෝජිතයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා පේරාදෙණිය විශ්වවිiාල පශු වෛi අංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පාරිභෝගික සේවා අධිකාරියේදී බිත්තර මිල ගණන් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී එකඟ වූ කරුණු පිළිබඳ සාකච්ඡා කොට බිත්තර මිල ගණන් නියම කිරීම සඳහා ඊයේ (14 දා) පෙරවරු 2.00 ට පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුත් හමුවක් පැවැත්වෙන බවත් අධිකරණයට පැවැසීය. එහිදී බිත්තර මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බැවින් ඒ පිළිබඳව දැනුම්දීමට දින ලබාදෙන ලෙස ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින්, නිෂ්පාදන මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගික සේවා අධිකාරිය නියම කර ඇති මිල ගණන් වලට බිත්තර අලෙවි කිරීම කිසිසේත්ම කළ නොහැකි බව අධිකරණයට පවසමින් නිෂ්පාදන මිලට සාපේක්‍ෂව අලෙවි මිල ද නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පාරිභෝගික සේවා අධිකාරියේ නීති අංශය වෙනුවෙන් නීතිඥ චතුරු ගාල්ලගේ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment