මන්නාරමේ මෙගාවොට් 15 ක සුළං බල විදුලි බලාගාරය විවෘත කරයි

121

මන්නාරමේ නානාට්ටන් නරුවිලිකුලම් ප්‍රදේශයේ ඉදි කළ මෙගා වොට් 15 ක සුළං බල විදුලි උත්පාදන බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පසුගිය (6දා) විවෘත කරනු ලැබීය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කොට තිබූ මෙම විදුලි බලාගාරයේ සියලු ඉදිකිරීම් කටයුතු දේශීය ඉංජිනේරුවරුන් ලහි ලහියේ සිදු කොට අවසන් කිරීම නිසා අපේක්ෂා කළ කාලයටත් පෙර එම බලාගාරය විවෘත කිරීමට හැකි වී තිබේ.

විදුලි උත්පාදන ටර්බයින් හයකින් සමන්විත මෙම බලාගාරය නරුවිලිකුලම් ගම්මානයේ ඉදි කිරීමට එරෙහිව ගම්මානයේ වැසියන් දැඩි විරෝධයකින් පසු වූ අතර ඔවුන්ගේ ගම්මානය මැද ඉදිකොට තිබෙන ටර්බයින් දෙකක් ඉවත් කරන ලෙස බලකරමින් මෙම බලාගාරය විවෘත කළ අවස්ථාවේදී ගම්වාසීන් විසින් දියත් කළ විරෝධතාවයක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ.

මේ අතර, විදුලි බිල වැඩීවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අදහස් පළ කරමින් පවසා සිටියේ, විදුලි බිල නැවත වරක් වැඩි කිරීම තමන්ට ද ගැටලුවක් බවය.

“අපි දීර්ඝකාලීන විසඳුම්වලට යන්න ඕනේ. අපි විදුලිය වැඩිකරන එක නෙමෙයි තිබෙන්නේ නිෂ්පාදන වියදම කොහොමද අඩුකරන්නේ කියලා අපි බලන්න ඕනේ. අපි පුළුවන් තරම් සෝලා, සුළං වගේ දේවල්වලට ගිහින් නිෂ්පාදන වියදම අඩුකරගත යුතුයි” යනුවෙන්ද ඔහු පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment