හබරාදුව මුහුදේ දිය නෑ විදේශිකයා මියගිහින්

489

හබරාදුව බස් නැවකුම්පළ ඉදිරිපිට මුහුදු වෙරලේ තිබී විදේශිකයකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මොහු මේ මස 06 වනදින ලංකාවට පැමිණ මිරිස්සේ හෝටලයක සිට පසුව 09 වනදින හබරාදුව ලණුමෝදර නවාතැන් පළකට පැමිණ ඇති බවත් පෙරේදා (22 දා* දහවල් නවාතැන් පළේ හිමිකරුට අයත් යතුරුපැදියෙන් ඔහු හබරාදුව මුහුදු වෙරළට පැමිණ නාමින් සිට ඇති බවත් මෙතෙක් කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා බික්ටොප් වික්ටර් නමැති 41 හැවිරිදි යුක්රේන ජාතිකයෙකු බවට හඳුනාගෙන ඇත.

ඔහු දිගු වේලාවක් වෙරලේ නිදා සිටිනු බව දුටු පුද්ගලයකු පැමිණ පරීක්ෂාකර බලා මියගොස් ඇති බව දැනගෙන පොලිසියට දන්වා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත රැගෙන යන ලද අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ,  හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment