ජනපති නිවසට ගිනි තැබීම : දානිෂ් අලීගෙන් අනුරුද්ධ බණ්ඩාරගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි

74

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ දානිෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාරගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ( (27 වැනිදා) පැය 6 ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස කර තිබූ දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරුවේ දානිෂ් අලි සහ අනුරුද්ධ බණ්ඩාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 50 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

අරගලය අතරතුර කොල්ලුපිටියේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට සංවිධානාත්මක පිරිසක් විසින් පහර දී ගිනිතබා විනාශ කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment