මීපා පරිසර හානි වාර්තාව අධිකරණයට කැඳවන්න -පෙත්සම්කරුවෝ උසාවියෙන් ඉල්ලති

90

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී පසුගිය 2021 මැයි 20 වැනිදා එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් පමණ වන බවට සමුද්‍රීය ආරක්‍ෂණ අධිකාරිය (මීපා ආයතනය) විසින් නිකුත් කර ඇති පරිසර හානි වාර්තාව වහාම අධිකරණයට කැඳවන ලෙසට නියොගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා ඇතුළු පෙත්සම්කරුවෝ ඊයේ (12 දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

වන්දි ඉල්ලා නඩු පැවරීම ප්‍රමාද කිරීමට එම නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගෙන ඇතැයි අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට නියෝගයක් කරන ලෙසටද පෙත්සම්කාර පාර්ශ්වය වෙුනවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. පෙරකී පෙත්සම්කරුවන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන එහි ගබඩා කොට තිබූ විෂ රසායනික විශාල ප්‍රමාණයක් මුහුදු ජලයට එක්වීමෙන් සිදුවූ පාරිසරික හානියට නිසි වන්දි ලබා ගැනීමට පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබිණි.

එම පෙත්සම ඊයේ (12 දා) මෝසමක් මගින් කැඳවා පෙත්සම්කාර පාර්ශ්වය කළ පෙර ඉල්ලීම් තහවුරු කිරීම සඳහා ලබන 24 වැනිදා පෙත්සම කැඳවීමට ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල නියෝග කළහ

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment