අලුත්ගම සුපිරි බූරුපිටිය වටලයි

339

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 
 සංචාරක හෝටලයක් තුළ ආරක්ෂිත කැමරා යොදා දොරගුළුලාගෙන නිරෝධායන නීතිරීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය සුපිරි බූරු පිටියක් වටලා පුද්ගලයන් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි.
 
 මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අලූත්ගම, බේරුවල, මාතර, ඇඹිලිපිටිය සහ කළුතර ඇතුළු ප‍්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් බව පොලිසිය පවසයි.
 
 සැකකරුවන් සන්තකයේ සහ බූරු පිටියේ තිබූ රුපියල් ලක්ෂ ගණනක මුදලක්, ඔවුන් පැමිණි වෑන් රථ 3 ක්, ත‍්‍රිරෝද රථ 3 ක්, යතුරු පැදි 5 ක් සහ ජංගම දුරකථන 40 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර බූරුපිටිය පවත්වාගෙන ගිය බැව් කියන හෝටලයේ අයිතිකරුගේ ඥාති සොහොයුරෙකුද සිටී.
 
 කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් පරිදි ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී .එල්.ඒ. නයනජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් වරුන්වන නෙළුම් බණ්ඩාර (30787*, සමන්තිලක (41104*, කොස්තාපල්වරුන් වන ප‍්‍රසන්න (69479*, ජයසූරිය (69615*, ජයසිංහ (75821*, ප‍්‍රභාත් (21735* වැටලීමට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment