හැව්ලොක්ස් – සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ගැටුමෙන් අවසන් වටය අද ඇරැඹේ

50

නිපෝන් පේන්ට් ලීග් රග්බි

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නිපෝන් පේන්ට් අභියෝග කුසලාන අන්තර් සමාජ ලීග් රග්බී පාපන්දු තරගාවලියේ ශූරයන් තීරණය කරන තීරණාත්මක අවසන් වටය අද (02 වැනිදා ) ප.ව. 04.00 ට හැව්ලොක්ස් සමාජය සහ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය අතර තරගයෙන් ආරම්භ කෙරේ.

මෙම තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

තරග 28 කින් සැදුම්ලත් වූ මූලික වටයේදී ඉහළම ලකුණු ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටින සී. ආර්. කණ්ඩායම ට එරෙහිව සිව් වැනි ස්ථානයේ රැඳී සිටින හැව්ලොක්ස් කණ්ඩායම ඒ අනුව සුපිරි සිව් දෙනාගේ වටයේ මුල්ම තරගයට සහභාගි වෙයි.

සුපිරි වටයේ දෙවන තරගය

හෙට (03) ප.ව. 04.00 ට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී මහනුවර සමාජයට එරෙහිව අගනුවර සී. එච්. ඇන්ඩ් එෆ්.සී. පිල තරග වදියි. මූලික වටයේ දී දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්වන අතර වාරයේදී තෙවන ස්ථානය සී. එච්. ඇන්ඩ් එෆ්.සී. පිල සතු විය.

හැව්ලොක්ස් - සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ගැටුමෙන් අවසන් වටය අද ඇරැඹේ

තම අපරාජිත බව මැනවින් රැක ගනිමින් මූලික වටයේදී ලකුණු 41ක් සටහන් කර ගැනීමට සී. ආර්. පිල සමත් වන අතර වාරයේදී ඉකුත්වර වර ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයට ජයග්‍රහණ 06 ක් සමගින් වාර්තා කර ගැනීමට හැකි වූයේ ලකුණු 37 ක් පමණි. මෙවර තෙවන ස්ථානය තහවුරු කර ගත් සී. එච්. පිල ට ලකුණු 27 ක් හිමිවන අතර වාරයේදී ලකුණු 25 කින් සුපිරි වටයට වරම් ලබා ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට හැකි විය.

මූලික වටයේ තරග ආශ්‍රිතව අවසන් ස්ථාන 04 දක්වා පල්ලම් බසින්නට සිදුවූ පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරග “පළඟ” ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන අතර එම තරගද අද (02දා) ආරම්භ කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

ඒ අනුව නාවික හමුදාවට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය වැලිසර දී තරග වදින අතර හෙට (03දා) දිනයේ දී යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය පනාගොඩ දී පැවැත් වේ. මූලික වටයේ තරග ආශ්‍රිතව පොලිසිය ඉදිරියේ ලකුණු 18 ක්ද ගුවන් හමුදාව ඉදිරියේ ලකුණු 11 ක් ද යුද හමුදාව ඉදිරියේ ලකුණු 10 ක් ද නාවික හමුදාව ඉදිරියේ ලකුණු 02 ක් ද ලෙස සටහන් විණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment