නව වසරේ ඕඅයිසීලා 270 කට ස්ථාන මාරු

108

පොලිස් ස්ථානාධිපතිවරුන් 270 කට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ මෙය වාර්ෂිකව සිදුකළ යුතු ස්ථාන මාරුවීම් බවය. එම ස්ථාන මාරුවීම් පසුගිය කාලයේ සිදු නොවූ බැවින් එම මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවය.

මෙලෙස ස්ථාන මාරුවීම් සිදුනොකිරීම නිසා ඇතැම් ස්ථානාධිපතිවරුන් වසර ගණනාවක් එකම පොලිස් ස්ථානයේ සේවය කරන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment