දුම්රිය පොළ වහලයට නැගි මගියෙක් බිමට වැටේ

1143

සිය බිරිඳ නොපැමිණි නිසා ඊට විරෝධය පා මරදාන දුම්රිය ස්ථානයේ වහලයට නැග සිටි පුද්ගලයෙක් වහලයෙන් බිමට වැටී හිසට තුවාල සිදුවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.අද උදෑසන 10ට පමණ මොහු මරදාන දුම්රිය ස්ථානයේ අංක 05හා 06 වේදිකාව පිහිටි ප්‍රදේශයේ වහලය මතට නැග තිබේ. ඔහු වහලය මතින් ඉවත් කර ගැනීමට මරදාන පොලිසිය හා දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය උත්සාහා කළත් අසාර්ථක වී ඇත.පෙරවරු 11.20ට පමණ ඔහු වහලය මත ඇවිදිමින් සිටියදී සෙවිළි තහඩුවක් කැඩී බිමට වැටී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment