කටුනායක වීසා ගැටලුව

856

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරනු ලැබීය.මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment