පාපන්දු තරගයෙන් පසු ගැටුමින් දහයකට තුවාල

83


වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇත.මෙම ගැටුමට සම්බන්ධ වැල්ලවත්ත සහ කිරුලපන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය ප්‍රකාශ කළේ බොරැල් පාසලක් සහ මරදානේ පාසලක් අතර එම පාපන්දු තරගය ඊයේ පවත්වා ඇති අතර තරගයෙන් අනතුරුව එම ගැටුම හටගෙන තිබූ බවය.
තරගය නැරඹීම සඳහා පැමිණ සිටි පිරිසක් සහ සිසුන් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
පහරකෑමෙන් තුවාල ලැබූවන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment