ස්ථානීය පරීක්ෂණයක්: අමරකීර්ති ඝාතනය වූ තැනට මහාධිකරණ විනිසුරුවරු එති

169

පැවති ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක කර තිබූ අරගලයේදී පසුගිය 2022 මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීෂණයක් සිදු කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයේ ගොනු කරන ලද අධිචෝදනා නඩුව විභාගයට ගැනීමට පෙර මෙම ස්ථානයේ පරීක්ෂණය සඳහා සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගපුලි, ඩී. ඒ. රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැමිණියහ.

ඝාතනය සිදුවූ දින පස්වරු 03.00 ට පමණ මන්ත්‍රීවරයා නිවස බලා ගමන් කරමින් සිටියදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරයේ රැස්ව සිටි පිරිස් විසින් මන්ත්‍රීවරයා ගමන් ගත් රථය නවතා මන්ත්‍රීවරයා ඉන් ඉවතට ගෙන පහරදී තිබුණි. පසුව පිරිස විසින් මන්ත්‍රීවරයාට සහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහර දීමත් සමග ඔවුන් දෙදෙනා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ දිව ගොස් නිට්ටඹුවේ රෙදිපිළි වෙළෙඳ සලකට දිව ගොස් තිබූ අතර ඔවුන් පසුපස හමා ගිය පිරිස් විසින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා එම වෙළෙඳසල් පරිශ්‍රය තුළදී ඝාතනය කර තිබුණි.

ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර ඇත.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment