බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පිරිසට මහාධිකරණයේ නඩු

109

කුරුණෑගල මහ නගර සභාව මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහික බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිත් විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. හිටපු නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගියදා අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ පෙත්සම් 5 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ ඊයේ (7) ඔහු මේ බව සඳහන් කෙරිණි. අදාළ ඉල්ලීම පිළිබඳ මෝසම සළකා බැලීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය කැඳවන දිනය දැනුම් දීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment