බඹරකැලේ රහන්වත්තේ වතු නිවාස 20ක් අළුවෙලා

53

තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ රහන්වත්ත කොටසේ වතු නිවාස පේලියක (25 දා) දින රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 20 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

පෙරේදා (25 දා) දින රාත්‍රි 9.00ට පමණ වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගෙන ඇති ගින්න සීග්‍රයෙන් සෙසු නිවාසවලට පැතිර ගොස් තිබේ. පැතිර ගිය ගින්න ලිදුල පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත් වී ඇත. නිවාස 24 කින් සමන්විත එම වතු නිවාස පේලියේ ගින්නෙන් විනාශ වු නිවාස 20ක පදිංචි පවුල් 20කට අයත් සමාජිකයන් 70 දෙනකු පමණ තාවකාලිකව එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේත් , පුස්තකාලයෙත්, ආගමික ස්ථානයක නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

අවතැන් වුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ පිසූ ආහාර ලබාදීමට වතු පාලන අධිකාරිය සහ නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment