රජිනි කාන්ත් ආයෙත් කටුනායකට එයි

420

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රජිනි කාන්ත් මහතා යළිත් මාලදිවයින සිට ඊයේ (26 දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු ඊයේ දහවල් 11.20 ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ‘ගෝල්ඩ් රූම්’ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියේය. ඉතා උසස් අන්දමින් ඔහු පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවන් පියවර ගෙන තිබූ අතර මද වේලාවකට පසුව ඔහු ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය. රජිනි කාන්ත් මහතා මීට පෙර ද ඉකුත් 14 වැනිදා මාලදිවයින බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පිවිස තිබුණි.
කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment