හිරගෙවල්වල සීසීටීවී කැමරාවලට පණදෙයි

116

වැලිකඩ ඇතුළු බන්ධනාගාර රැසක සීසීටීවී කැමරා සවිකිරීම ආරම්භ කර ඇත.

මේ අනුව කොළඹ පිහිටි වැලිකඩ, මැගසින්, සීආර්පී කාන්තා අංශය, රෝහල සහ පිට පළාත්වල  බන්ධනාගාරවලද සීසීටීවී කැමරා සවිකිරීම ටෙලිකොම් ආයතනය මගින් සිදුකරගෙන යන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ වනවිට අගුණුකොළපැලැස්ස, බූස්ස සහ කළුතර බන්ධනාගාරවල සීසීටීවී කැමරා සවිකර තිබේ. මීට අමතරව බන්ධනාගාර මූලස්ථානයේද සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර ඇතත් අකුණු වැදීම නිසා අක‍්‍රීයවී තිබෙන අතර එයද අලූත්වැඩියා කරමින් පවතී.

මේ වන විට කොළඹ බන්ධනාගාරය ඇතුළු පිට පළාත් බන්ධනාගාර කිහිපයක ජංගම දුරකථන සංඥාවලට බාධා ඇතිකිරීම සඳහා ජැමර් සවිකර තිබේ.

පසුගියදා බන්ධනාගාර හා රැඳවියන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් ඇතිවූ බව කියන සිද්ධීන් පිළිබඳව සීසීටීවී දර්ශන නොමැති බවට වාර්තාවන අතර මෙම සීසීටීවී පද්ධති සකස් කිරීමෙන් පසු බන්ධනාගාරවල සිදුවීම් අනාවරණය කර ගැනීමට අවස්ථාව උදාවේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment