උපාලි විජයවර්ධන මෙරටට පහළ වූ උතුම් ශ්‍රී ලාංකික පුත්‍රයෙක්

222

මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක දම්පහල ශීලානන්ද නාහිමි
ආර්ථික, සමාජ, ව්‍යාපාරික මෙන්ම දේශපාලනයේ මනා අවබෝධයකින් යුත්

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ, ව්‍යාපාරික මෙන්ම දේශපාලනයේ මනා අවබෝධයකින් යුතුව සිටි උපාලි විජයවර්ධන මැතිතුමා මෙරට පහළ වූ උතුම් ශ්‍රී ලාංකික පුත්‍රයෙකු වෙනවා. ව්‍යාපාරික ලෝකයේ ශ්‍රී ලංකා නාමයට නව පනක් ලබාදුන් එතුමා මුද්‍රිත මාධ්‍යයේ දැවන්තයකු වෙනවා. ‘දිවයින’ පුවත්පත ආරම්භ කොට එමගින් විශාල ආගමික, සමාජ, සංස්කෘතික මෙන්ම ජාතික සේවාවක් ගෙනයමින් පවතිනවා. අද එතුමා අප අතර සිටියේ නම් වර්තමානයේ අප රටට සිදුවී තිබෙන අවුල් වියවුල් ආර්ථික පරිහානියෙන් ගොඩගැනීමට සාර්ථක විසඳුම් ලබාදීමට පුරෝගාමියකු වන බව ද, එතුමා අප රටට අහිමිවීම මුළුමහත් ජනතාවටම සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් බව ශ්‍රී ලංකා ශ්‍යාමෝපාලි නිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ගල්ඉන්ගොඩ පුරාණ රජමහා විහාරාධිපති රත්නපුර සුදර්මශාලා පිරිවෙන් කෘත්‍යාධිකාරී, ශ්‍රීපාදස්ථානයේ හිටපු භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ උපාලි විජයවර්ධන මැතිතුමාගේ 41වෙනි ගුණසමරුව නිමිතිකොට හා එතුමාට පිං අනුමෝදන් කිරීම පිණිස රත්නපුර සබරගමු මහා සමන් දේවාලයේ පැවැති බෝධි පූජා හා පහන් පිංකමේදී විශේෂ අනුශාසනාවක් පවත්වමින්ය.

සමන් දේවාලයේ පිහිටි ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට පැවැති මෙම බෝධි පූජා පිංකම මෙහෙයවන ලද්දේ සුදර්ශනාරාම පිරිවෙන් විහාරවාසී පිලානේ ඤාණවංශ හිමියන් විසිනි.

මෙම පිංකම් සංවිධානය කරන ලද්දේ රත්නපුර දිස්ත්‍රික් ‘දිවයින’ මාධ්‍යවේදීන් සහ උපාලි පුවත්පත් සමාගමේ රත්නපුර අලෙවි හා සංවර්ධන අංශය හා ‘දිවයින’ පාඨකයන් විසිනි.

සැබෑ ශ්‍රී ලංකා පුරවැසියකු වන උපාලි විජයවර්ධන මැතිතුමා අප අතරින් අතුරුදන්ව වසර හතක්වන තුරු අප එතුමාට ආශිර්වාද සිදුකළා. ඊට පසු අප සිදු කරනු ලබන්නේ එතුමා කළ සේවය වෙනුවෙන් කලගුණ සැලකීමක්, යුතුකම් ඉටුකිරීමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ අලෙවි සංවර්ධන සහකාර කළමනාකාර රංජිත් පුංචිහේවා, වෛද්‍ය දේවිකා නවරත්න, ජාතික රට විරු සංසදයේ ව්‍යාපෘති කළමනාකරු ප්‍රජා විශෝධන නිලධාරි රුවන් කුමුදුලාල්, රත්නපුර පුවත්පත් අලෙවි නියෝජිත ප්‍රවින මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
නිවිතිගල ධර්මසිරි ජයවර්ධන – රත්නපුර අසිත ඉන්දික වීරවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment