ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

828

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් විය.

දෙදෙනා පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළ අතර මෙන්ඩිස් ලකුණු 52ක්ද පැතුම් ලකුණු 33ක් ලබා ගත්තේය. චරිත් අසලංක ප්‍රවේගකාරී ලකුණු 37ක් රැස්කළේ පන්දු 19කිනි.
ඊයේ තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය,ඊට හයේ පහර 6ක් ඇතුළත් විය.

ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment