ඉන්ධන මිලත් සංශෝධනයට

683

ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 328කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇත. නව මිල රුපියල් 365කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ. නව මිල රුපියල් 346කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කර ඇත. නව මිල රුපියල් 308කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 236කි.

advertistmentadvertistment
advertistmentadvertistment