ජපානයේ දුපතක හටගත් ගංවතුරෙන් තිදෙනෙක් මරුට

170

ජපානයේ කියුශු දුපතට ඉතිහාසයේ මෙතෙක් ඇදහැළුණු දරුනුම වර්ෂාපතනය ඇදහැලීම හේතුවෙන් හටගත් ජල ගැලීම් හා පස් කඳු කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව ජපන් බලධාරීහු පවසති.

ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධරීන්ට අනුව සඳුදා දිනයේ කියුශු දුපතේ “කරුමේ” නගරයට මිලි මීටර් 402.5 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබිනි. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගංගා පිටාරගලා ජල ගැලීම්ද, පස් කඳු කඩාවැටීම්ද වාර්තා වී තිබිනි. පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග අවහිරවී විදුලි රැහැන් කඩාවැටි ඇති අතර විපතට පත් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවලට ගෙනයෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිනි.

advertistmentadvertistment
advertistmentadvertistment