ආහාර අර්බුදයට මුහුණදෙන්න කොස් පැළ ලක්‍ෂයක් සිටුවන – ඇල්ලෙවැවේ ප්‍රින්ස් දිසානායක

82

අනාගතයේ ඇති විය හැකි ඕනෑම ආකාරයක ආහාර අර්බුදයකට මුහුණදීමට සූදානම් වන ගොවි නායකයකු ඇල්ලේවැව මහදමනේදී හමුවිය. පසුගිය කාලයේ ගොවි සංවිධාන කීපයකටම නායකත්වය දුන් ඔහු නමින් ප්‍රින්ස් දිසානායකයි. දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශවල කොස් පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ඔහු මේ වනවිට ක්‍රියාවට නංවා ඇත. වන අලි සහ රිලවුන්ගේ හිරිහැර නිසා වගා නොකර මහදමන ගම්මානයේ අතහැර දමා තිබූ නිසරු ඉඩම් කීපයක මෙම ගොවි නායකයා කෙසෙල්, පොල් සහ කොස් පැළ සාර්ථකව වගාකර ඇත. වගාවේ ආරක්ෂාවට වගාබිම වටා දෙහි වගාකර ඇත. පැය විසිහතර පුරාවටම තම වගා බිම් වටේට වන අලි සැරිසරද්දී ප්‍රින්ස් මහතා අපූරුවට තම වගාබිම ආරක්ෂා කරගෙන සිටී. “අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම ආකාරක ආහාර අර්බුදයකට අපි සූදානම් විය යුතුයි. මම දැනට වසර පහකට පෙර දිඹුලාගල ප්‍රදේශයේ කොස් පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කළා. අපි සතුන්ටත් ආහාරයට ගන්න පුළුවන් මෙවැනි භෝග වැඩි වශයෙන් වගා කළ යුතු” යැයි ප්‍රින්ස් දිසානායක මහතා කියයි.
දිඹුලාගල – ප්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment